අඩියක් පමණ උස ඇති පදුරක් ලෙස වැවෙන වාර්ෂික ආයු කාලයක් සහිත පසතුල තිරස් භූගත අල ලෙස (රයිසෝමයක්) විකර්ණය වු මූල පද්ධතියකින් යුත් Zingier officinale යන උද්භිත විද්‍යාත්මක නාමයෙන් හදුන්වන ඉගුරු ශාකය ශ්‍රී ලාංකික ජනතාව අතර ප්‍රකට ජනප්‍රිය ගෘහ ඖෂධයක් හා කුළු බඩුවක් වශයෙන් දැක්වෙනු ලැබේ. ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශකයකම වැවෙන මෙයට වඩාත් හිතකර පරිසරය වනුයේ පහතරට තෙත කලාපීය දේශගුණික තත්ත්වයන් ය.
ලොව පුරා නිවර්තන රටවල ව්‍ය්ප්ත වි ඇති ඉගුරු ශාකයේ නිජබිම පිළිබදව විශේෂයෙන් සදහන් නොවේ. එහෙත් ඉන්දියාව විය හැකි බවට විශාවාසය පවතී. ඒ ඉගුරු භාවිතය පිලිබද දීර්ඝ ඉතිහාසයක් ඉන්දියාවට ඇති බැවිනි. එමෙන්ම චීනයද ඉගුරු භාවිතය පිළිබද වසර දහස් ගනනක ඉතිහාසයකට හිමිකම් කියනු ලැබේ. මේ සදහා හොදම නිදසුන වනුයේ වසර පන්දහසකට පෙර ලි යැවුනු shen Nung pen Shao Tching නම් වු කෘතියේ ඉගුරු පිළිබදව සදහන්ව තිබීමයි.
හටගත් ප්‍රදේශය අනුව හෝ රට අනුව අප්‍රිකානු ඉගුරු චීන ඉගුරු, කොචින් ඉගුරු(දකුණු ඉන්දියාව) කැලිකට් ඉගුරු, ජැමෙරිකානු ඉගුරු, ඕ ස්ට්‍රේලියාන් ඉගුරු සහ වල් ඉගුරු ලෙස නම් කර ඇත. එලෙසම ඒ ඒ රටවල වැවෙන ඉගුරු අලය හෙවත් රයිසෝමය,වර්ණය, කෙදිති, රසායනික සංඝටක ආදියේ වෙනස්කම් අනුව ප්‍රෙහ්ධ ඇත. මෙහි අල සහ ගොල භාවිතා කරන අතර අලය භාවිතයේදී අමුවෙන් මෙන්ම වියලි ඉගුරු (සිද්ධි ඉගුරු) වශයෙන් භාවිතයට ගනී. මෙම වියලි ඉගුරු සකස්කර ගන්නා ආකාරය අනුව ප්‍ර භේද ඇති වි තිබේ. ඉන්දියාවේ ඉගුරු ප්‍රභේද රැසක් ඇති අතර ලංකාවේද ප්‍රභේද කිහිපයක් ඇත.
ඉහල ඖෂධීය වටිනාකමක් ඇති ඉගුරු එමෙන්ම ආහාරමය වශයෙන් ද හොද ඉල්ලුමක් ඇති ශාකයකි. මේ නිසා වර්තමානයේ වෙළදපල ඉලක්කකරගෙන ඉගුරු වගාව සිදුවේ. මෙමගින් අමු ඉගුරු, වියලි ඉගුරු,ඉගුරු කුඩු,පරිරක්ෂක ඉගුරු,ඉගුරු තෙල් ආදිය නිපදවනු ලැබේ. ඖෂධ නිෂ්පාදනයේදි බහුලව භාවිතා කරනුයේ වියලි ඉගුරුය.
අතීතයේ සිටම ගෙවත් වගාවක් වශයෙන් පවතින අතර අවම වශයෙන් නිවසක එක් ඉගුරු පදුරක්වත් වගා කරනු ලැබේ. ඒ අත් බෙහෙත් ලෙස එදා සිටම ඉගුරු භාවිතයට ජනතාව පුරුදු වී සිටින බැවිනි. ඒ අනුව සුළු අසනීප තත්ත්වයකදී එනම් සෙම්ප්‍රතිශ්‍යාවකදී ,බඩේ අමාරුවකදී වැනි අවස්තාවලදී ඉගුරු භාවිත අත් බෙහෙත් මගින් සුවය අත් කර ගැනීමට පුරුදු (වැඩියෙන්ම සදහන් වන ඖෂධ පැලෑටියක් වන්නේ ඉගුරුය. ආයුර්වේදයට අනුව සෙම් වායු සහ පිත සමනය සදහා මෙය ප්‍රත්‍යක්ෂ ඖෂධයකි. එමෙන් ම වේදනා නසනයටද , ඉදිමුම් නාසනයටද සීත දුරු කිරීමටත් ස්නායු හා නාඩි උත්තේජනයට මෙය යොදා ගන්නා අතර ආහාර රුචිය වර්ධනය සදහාද මෙය යොදා ගනී.


![]() |
රූපලාවන්‍ය නිෂ්පාදන |
0 comments:
Post a Comment